ආදරණිය අඩවිය දන්න කාලේ ඉදලාම පාවිච්චි කලේ බ්ලොගර් ලා දෙන තීම්ස් නේ. ඉතින් මම හිතුවා අළුත් තීම් එකක් දාන්න. තිමී තුන හතරක්ම අත්හදා බැලුවා. ඒත් ටිකක් හරි හිතට ඇල්ලුවේ මේ දැන් තියෙන තීම් එක තමයි. ඉතින් මටත් වෙලාවකට හිතෙන දේවල් කරන නිසා තීම් මාරු කරන්න ගිහිල්ලා ලොකු අමාරුවක තමයි වැටුනේ. මෙච්චර කල් පාවිච්චි කල පිවිසුම් ගනන් කරනයත්, බ්ලොග් එකට පිවිසෙන අය බලාගන්න තියෙන පිහිටීමේ සිතියමත් නැති වෙලා ගියා. ඉතින් එවත් අලුතින් දාන්න වෙනවා. දැන්ම නම් දාන්නේ නම් නෑ. මොකද මේ තීම් එක මගේ හිතට තවම එච්චර ඇල්ලුවේ නැති නිසා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අලුත් වැඩක් කලානේ. මේ වෙනස්කම ගැන ඔයාලටත් හිතෙන දේවල් පොඩි ප්‍රතිචාරයක් විදියට තියන්නත් අමතක කරන්න එපා.
දන්නවානේ අර ත්‍ර්‍රිකෝණයක් තියෙන රූපාවාහිනී නාලිකාව. එහෙනම් අර ජනතාවගේ නාලිකාව කියනා නාලිකාව. (ජනතාවගේ නෙවෙයි කාලකණ්නින්ගේ නාලිකාව) සිරසක් නැති සිරස අන්න ඒක ගැනයි මම මෙි කියන්න යන්නේ. මේකේ ඉන්න එවුන් හිතාගෙන ඉන්නේ ලංකාවට තියෙන ලොකුම අඩුපාඩුව ගායකයෝ සහ මෙලෝ සිහියක් නැතිව දගලන එවුන් (ඩාන්සින් ස්ටාර්ස් ලා) කියලා. අනෙක් එක තමයි මුන්ගේ නිවුස් ෆස්ට් කියන එක. (මට නම් මේකේ නිවුස් ෆස්ට් තියා ලාස්ට් වත් බලන්නේ නෑ) නිවුස් ෆස්ට් "සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" කියලා තමයි කියන්නේ. එත් මේක බුද්ධියෙන් විමසලා බලන වෙලාවට ප්‍ර්‍රවෘත්ති කියන නිවේදකයා හරි නිවේදිකාව හරි ලග ඉන්නවානම් එල්ලලා මරන්නයි හිතෙන්නේ. මුන්ගේ තවත් කියන දෙයක් තියෙනවා ඒ තමයි " ටීවී අලුත් කරන සිරස ටීවී" කියන එක. හැබැයි මුන් ටීවී අලුත් කරන එක කොහොම වෙතත් ටීවී එපා කරන එක නම් කරනවා. නිවුස් ෆස්ට් කිවුවාට මුන්ගේ හැම නිවුස් එකක් ම ලාස්ට් නේ. කිසිම අලුත් නිවුස් එකක් ඇත්තේම නෑ. කරන තරමක් කරන්නේ එල්.ටී.ටී.ඊ එකටයි හූ ඇන්පී එකටයි කඩේ යන එක තමයි. මට හිතෙන විදියට නම් දැන් කොටි හඩ නැති එකේ ඒ සියළු කටයුතු දීප ව්‍යාප්තව කරන්නේ මුන්ගේ සිරසක් නැති සිරසේ තමයි. මුන්ට තමන්ගේ අම්මා තාත්තක් විකුණන එක පහසුවෙන්ම කරන්න පුළුවන්. (රට විකුණන්න හදන එකේ අම්මා තාත්තා විකුණන එක එතරම් අමාරු දෙයකුත් නෙවෙයි නේ.)
ගූගල්ට අභියෝග කරමින් නවතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් දැන් නිපදවා තිබේ. ඒ කුයිල්. ජනප්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන ගූගල්ට අභියෝග කරමින් එළි දක්වා ඇති මේ වෙබ් පිරික්සුම ගූගල්හි සේවය කළ සේවකයන් පිරිසක් විසින්ම එළි දක්වා ඇති ආරංචිය. ඔවුන් පවසන ආකාරයට මෙම වෙබ් සුචියේ බිලියන 120 ක වෙබ් පිටු අන්තර්ගතයක් තිබේලු. කුයිල් නිර්මාණය කර ඇත්තේත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ නිර්මාණයට හා සමානව වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. ගූගල් වෙබ් අඩවියේ පසුබිස සුදු පැහැයකින් යුක්ත වන අතර කුයිල් හි එය කළු පැහැයකින් යුක්ත වේ. සංකීර්ණ දැන්වීම් හෝ වෙනයම් දෑ නොමැති වීම මෙහි තවත් විශේෂත්වයකි. සැම අතින්ම ගූගල්ට සමාන පෙනුමක් ලබා දීමට මෙහි නිර්මාණකරුවන් උත්සාහ දරා ඇති බව පෙනේ.
උතුරේ සටන් බිමේ ත්‍රස්තවාදීන් සමග අපේ වීරෝධාර සෙබලුන් සටන් වැදී සිටින අවස්ථාවක එම යුධ පුවත් මාධ්‍ය මගින් වාර්තා කිරීමට අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් එම රණබිමේ සිටිති. ඒ ස්වාධීන රූපවාහිනී / ජාතික රූපවාහිනී / ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතන තුනයි. එහිදී මෙම මාධ්‍ය ආයතන තුනම එකා මෙන් යුධ පුවත් වාර්තාකරණයේ යෙදෙයි. අපේ රණවිරුවන් සමග ත්‍රස්තවාදීන් මුහුණට මුහුණලා කරන සටන් මෙම මාධ්‍යවේදීන් කිහිප දෙනා ලෝකයටම වාර්තා කරයි. අප අද මේ සටහන තබනුයේ ඒ ජාතික මෙහෙවරක් ඉටු කරන මාධ්‍යවේදීන් වෙනුවෙනි. එහිදී යුධ පුවත් වාර්තාකරණයේ යෙදී සිටියදී ස්වාධීන රූපවාහිනියේ කැමරාශිල්පී සුරංග බස්නායක මහතා ත්‍රස්තවාදී මෝටර් ප්‍රහාරයකින් තුවාල ලැබීය. තුවාල ලැබූ සුරංග බස්නායක මහතාගේ සුවදුක් බැලීමට ජනධිපති තුමාද අනුරාධපුර රෝහලට ගියේය. මේ සිද්ධියෙන් පසු අපට අපේ රටේ සිටින අතලොස්සක් වූ නියම මාධ්‍යවේදීන් හදුනා ගැනීමට ඉඩ ලැබුණි. සුළු සීරිමක් සිදු වූවත් කොටුව දුම්රිය ස්ථානයට රැස්වන නිදහස් මාධ්‍යවේදීන් මේ ගැන කිසිවක් කීවේ නැත. අඩුම ගනනේ කණගාටුවත් ප්‍රකාෂ කලේ නැත. නිදහස් මාධ්‍යවේදීන් (ත්‍රස්තවාදී මාධ්‍යවේදීන්)යැයි කියා ගන්නා මාධ්‍යවේදීයෝ මේ සිද්ධිය ගැන කිසිවක් කීවේ නැත. ත්‍රස්තවාදය උඩගෙඩි දෙන මෙවන් මාධ්‍යවේදීන් සිටිනා රටක ස්වාධින රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ, ජාතික රූපවාහිනියේ සිටින දේශ ප්‍රේමී මාධ්‍යවේදීන් රටට වාසනාවකි. තමනගේ ජීවිතය ගැනවත් නොසිතා කරන මේ මාධ්‍ය මෙහෙවරට අපගේ ගෞරවනීය ආචාරය........
මමත් දැන් වින්ඩෝස් වලින් අලුත් දෙයකට යන්න හිතුවා. (හැමදෙනාම කරන නිසා නම් නොවෙයි. ) :) එහෙම හිතලා දැම්මා උබුන්ටු. නියමෙට වැඩ. දැන් මාස 6 ක විතර ඉදලා උබුන්ටු වලින් තමයි වැඩ කරන්නේ. ඔය වෙබ් පැත්තේ වැඩ වලට එහෙම නම් බිල් මහත්තයා මතක් වෙනවා. ඒ වෙලාවට නම් ඉතින් වින්ඩෝස් හොයාගෙන දුවනවා. දැන් නම් උබුන්ටු පරණ වෙළුමෙන් අයින් වෙන්න කාලේ ඇවිල්ලා. අලුත් උබුන්ටු 8.04 වෙළුම අද උදේ ලැබුනා. දැන්මම දාලා බලන්න ඕනේ. ආ කියන්නත් අමතක වුනානේ. උබුන්ටු එක්ක කුබුන්ටු. උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය එහෙමත් ලැබුනා. ඒත් දැනට උබුන්ටු වල විතරක් වැඩ කරන්න තමයි අදහස.
මේක ලිවුවා කියලා හෙට මට ඉන්න පුළුවන් වේවිද මන්දා. අද දෙරණ රූපවාහිනී නාලිකාවෙන් සජීවී ලෙස ඉදිරිපත් කරන 360 කාලීන සංවාදාත්මක වැඩසටහන දැන් විකාශය වෙනවා. මමත් ඉතින් කැමති රූපවාහිනී වැඩසටහනක් තමයි මේ රූපවාහිනී වැඩසටහන. අද වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා උපුල් ශාන්ත සන්නස්ගල සිංහල ගුරුතුමා. අනේ මංදා මේ මනුස්සයා කියන මෙලෝ දෙයක් මට තේරෙන්නේ නෑනේ. මන්දා මගේ සිංහල ප්‍ර්‍ර්‍රශ්නයක්ද දන්නේ නෑ. අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. මෙයා හිතන් ඉන්නේ මේ ලංකාවේ ඉන්න හැමෝම සිංහල උපාධිධරයෝ කියලා. මෙයා කියන දෙයක් අපට විතරක් නොවෙයි මේ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාවට පවා මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනේ මන්දා මේ යෝධයාට පිස්සු ද කියලා. ආ තව කියන්න දෙයක් අමතක වුනා. දේශද්‍රෝහී චිත්‍ර්‍රපටයක් නිශ්පාදනය කලෙත් මෙයා තමා. (මේ චිත්‍ර්‍රපටය මොහු කියන විදියට පෙන්නුවේ දවස් 10 යි ලු) පිස්සු නැත්නම් ෂෝක් පුතා.
මම කාලෙකට ඉස්සරවෙලා කියපු දෙයක් තමයි මගේ තියෙන විනෝදාංශ ගැන. මගේ විනෝදාංශයක් තමා නිවාඩුවක් තියෙන වෙලාවට කැමරාවත් අරන් කොහේහරි යන එක. ඒ ගිහිල්ලා නිකන් ඉන්නේ නම් නෑ. හැමතැන තියෙන විශේෂ දේවල් ඡායාරූපගත කරනවා. ඉතින් මම ඒ ඡායාරූප ගත කරන දේවල් ඔයාලටත් බලන්න එක්ක ෆිලිකර් එකට දැම්මා. පොඩ්ඩක් බලන්නකෝ හොදද කියලා. මම ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ නම් ජංගම දුරකථනයේ තියෙන කැමරාව. ඩිජිටල් කැමරාවෙන් ගත්තු ඒවාත් තියෙනවා. පහත දක්වලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බලන්නකෝ මගේ ඡායාරූප ටික හොදද කියලා. හොදද නරකද කියලා ප්‍ර්‍රතිචාරයකුත් තියන්න අමතක කරන්න එපා හොදේ. Dilan's Photostream
ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන වතාවටත් ආසියානු කුසලානය ජයග්‍ර්‍රහනය කරයි. අද දින පාකිස්ථානයේ කරච්චි ජාතික ක්‍ර්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම 2008 වසරේ ආසියානු කුසලානය නැවතත් දිනා ගනිමින් නැවතත් ආසියානු ශූරයන් වෙයි. මෙම තරගයේදී මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම ලකුණු 273 ක් ලබා ගත්තේය. මෙහිදී අගනා පිති හරඹයක නිරත වූ ප්‍ර්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 123 ක් ලබා ගනිමින් කණ්ඩායම ස්ථාවරයත්වයක් කරා ගෙන ගියේය. අනතුරුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සියලු පිතිකරුවන් දැවී ගොස් ලකුණු 173 ක් පමණක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී නවක පන්දුයවන්නකු වශයෙන් කණ්ඩායමට එකතු වූ අජන්ත මෙන්ඩිස් ඉන්දීය කණ්ඩායමේ ප්‍ර්‍රබලතම පන්දුවට පහරදෙන්නන් 6 දෙනෙකු ක්‍රීඩාගාරයට යවමින් ලංකා කණ්ඩායමේ ජයග්‍ර්‍රහණයට අඩිතාලම දැමීය. තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස අජන්ත මෙන්ඩිස් නම් කල අතර දක්ෂතම පන්දුවට පහර දෙන්නා ලෙස ප්‍ර්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය අභිෂේක ලැබීය.
ආයුබොහෝවේවා.... සියළු දෙනාටම. මාස දෙකක් විතර සද්දයක් නැතිවනේ හිටියේ. හිතුවාද ආදරනීය අඩවිය නවත්වලාවත්ද කියලා. නෑ එහෙම නොවෙයි. මේ ලංකාවනේ, හිතුන වෙලාවට අපට ඕනේ විදියට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑනේ. මගේ අන්තර්ජාල සම්බන්ධතාවයත් මේ මාස දෙකේ නැතිව තමා තිබුනේ. ඉතින් මොනවා කරන්නද? බ්ලොග් ලියා ගන්න තියා හිතන්නවත් බෑ. විද්‍යුත් තැපෑල බලන්නෙත් හරි අමාරුවෙන්. මැරතන් දුවන්න වුනෙත් නෑ. මොකද මම පාවිච්චි කරන්නේ ටෙලිකොම් ඩයල් අප් සම්බන්ධතාවයක් නේ. දැන් නම් ඉතින් ඒ ප්‍රශ්න මොනවත් නම් නෑ. ගත්තා ටෙලිකොම් ඒ.ඩී.ඇස්. ඇස් සම්බන්ධතාවයක්. කිසිම ප්‍රශ්නයක් නෑ. එළට වැඩ (අපේ භාෂාවෙන් කිවුවේ) දැන් නම් ඉතින් ලියන්න පුළුවන්. දැන් නම් ඉතින් දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා.
aඅහලා ඇතිනේ ලංකාවේ තියෙනා එෆ් එම් . (ඒ පාර අහනවා මොනවද මේ කියලා ? ) දන්නවානේ අර ඉන්දියාවේ ඉන්න රාහුල් මල්ලියි අංජලී නංගියි මේ ලෝකේ අලුතෙන්ම භාවිතා කරන භාෂාව (කථා කරන එවුන්වත් එවායේ හරි තේරුම දන්නේ නෑ) භාවිතා කරලා මිනී මරා ගන්න වගේ කෑ ගහන නාලිකා. ලංකාවේ දැන් එෆ් එම් නාලිකා 100 විතර තියෙනවා. ගොඩාක් ඒවා නම් මරා ගන්න ඒවා. හරියට ප්‍ර්‍රවෘත්තියක් කියා ගන්නවත් දන්නේ නෑනේ. මේවායේ නිකන් ප්‍ර්‍රවෘත්ති කියන්නේ ගමේ ළිද ලග කථා කරනවා වගේ නේ. ඔයාලත් අහලා ඇතිනේ. මේ පිස්සු නාලිකා අතර හොද නාලිකා කිහිපයකුත් තියෙනවා. එකක් තමා නෙත් එෆ් එම්. (දැන් අහගෙන ඉන්නෙත් ඒක තමා) මේ නාලිකාව කොපි කරන අයත් දැන් ඉන්නවා. මොකද මෙයාලා කරන දේවල් තමා ඒ අය තමන් කරනවා කියලා කරන්නේ. හැබැයි එයාලාම දන්නේ නෑ එයාලා කරන්නේ වෙනත් කෙනෙක් මාකට් කරපු පරණ දෙයක් කියලා. (කොපි කලා කියලා නෙත් එෆ් එම් අහන අය අඩු වෙලා නෑ කියලා තමයි ආරංචිය) දැන් නම් අහන්නේ සුදු සද රැස් ගලන ගංගාවේ ගීතය. තව තියෙනවා ලියන්න... ලියන්නම්.... රැදී සිටින්න ආදරණීය අඩවිය සමග. මීලගට ලංකාවේ ටීවී ගැන.... Coming Up Next .... Sri Lanka TV Channel....
අයියෝ අද දවස නම් ගොඩාක් අප්සට් දවසක්. මොකද මගේ අන්තර්ජාල සබදතාවයට ආවා ගියා රෝගය වැළදිලා. මැරතන් දුවන්නත් පමා වුනා. දැන් නම් හරි. ඒත් කොච්චර වෙලාවකටද කියලා නම් දන්නේ නෑ. මාර අප්සට් එක. පටන් ගත්තු වෙලාවේ ඉදලා දුවන්න තමා හිටියේ. කොහේද අපේ රටේ අන්තර්ජාල සබදතා වලට තවම එනවා යනවා රෝගය තියෙනවානේ...... දැන්නම් දුවනවා.... අන්තර්ජාලය ආපහු යනකම් ලියනවා.....
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය සංවිධානය කරන බ්ලොග් මැරතන් තරගය 2008 බක් මස 18 වන දින රාත්‍රි 8.00 සිට පැවැත්වේ. ආදරණීය අඩවිය බ්ලොග් අඩවිය සමග තවත් බ්ලොග් ගනනාවක් තරග වැදීමට නියමිතයි. ඔබත් එන්න බ්ලොග් මැරතන් බලන්න. පුළුවන් නම් ඔබත් ලියන්න බ්ලොග් එකක්. ඔබගේ අදහස්, දැනුම, ආදි තවත් බොහෝ දෑ අනෙක් අයත් සමග එකතු කර ගන්න ඔබටත් පුළුවන්. හැකිනම් ලියන්න. නැත්නම් බලන්න. මතක තියා ගන්න දිනය බක් මස 18 වැනිදා. වෙලාව රාත්‍රි 8.00...........
අන්තර්ජාලයේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු අඩවියක් වන යූ ටියුබ් හි තීබු රුසියවේ ජී මේල් ප්‍රවර්ධන නිර්මාණාත්මක දැන්වීම. පහත ඈදුතුව භාවිතා කිරීමෙන් ඔබටත් එය නැරඹිය හැක. http://www.youtube.com/watch?v=WFDq95zHJIg
මේ දිනවලදී සිංහරාජය පිළිබදව මා නිර්මාණය කර තිබූ අන්තර්ජාල අඩවිය නැති බව කිහිප දෙනෙකුම දැන්වීමක් සිදු කර තිබුනා. මේ දින වල සිංහරාජ අඩවිය නැවන නිර්මාණය සිදු කරමින් පවතින අතර ලගදීම නව වෙබ් අජවියක් ලෙස අන්තර්ජාලයට එක් කිරීමට සියල්ල සූදානම්. නිව නිර්මාණයේ මීට පෙර නොතිබූ නව විශේෂාංග ගනනාවක් ද ඇතුලත් වේ.
කාලෙකට ඉස්සර දී බලපු ටෙලි නාට්‍යයක්. මට මතක විදියට නම් ඒ දවස් වල මම 6 වැනි වසරේ වගේ හිටියේ. එක කොටසක් වත් මගහරින්නේ නැතිව බැලුවා කියලා නම් මතකයි. මොකකද පාඩම් කරන්නේ එහෙම නැතුවනේ බැලුවේ දැන් නැවතත් දඩුබස්නාමානය බලන්න අවස්ථාවක් ඇවිල්ලා. ඒ දෙරණ රූපවාහිනී නාලිකාවෙන්. අපේ සිංහල චාරිත්‍ර, පාරම්පරික සිංහල සටන් කලාව, එහෙම තියෙන අපේම කියන්න පුළුවන් අපේම සිංහල නාට්‍යයක්. දැන් නම් සිංහල කියලා තියෙන්නේ හින්දි නාට්‍යනේ. අපේ ගැමි කම, සිංහල සටන් කලාව නැවතත් බලන්න පුළුවන්. මොකද දැන් පෙන්වන්නේ ඉන්දියාවේ චාරිත්‍ර, ඇදුම් පැළදුම්, වැනි දේ නේ. කිසිම හරයක් නැති පවුලේ සැමටම එකට ඉදලා බලන්න බැරි දේවල්නේ. ඉතින් මම නම් මේ දවස් වල රාත්‍රි 8.30 ට දෙරණ නාලිකාවෙන් දඩුබස්නාමානය බලනවා. ඔයාලත් පුළුවන් නම් බලන්න. ..... කියන්නත් අමතක වුනා මේ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ජයන්ත චන්ද්‍රසිරි මහතා.
1. Down them all (Firefox Extention) 2. TED/TV Shows (Television episode BitTorrent downloader) 3. uTorrent (Windows BitTorrent client) 4. Transmission (Mac BitTorrent client) 5. Installpad/ AppSnap (Software update downloaders, Windows only) 6. FileZilla (Cross-platform FTP client) 7. Wget (Command line download manager) 8. Ares Tube/ Tube TV (Web video to iPod downloaders and converters) 9. Miro 10. Unplug
කාෙලකින් ලියන්නත් බැරි වුනාෙන්. අමතකවීමකින් නම් ෙනාෙවයි. ලියන්න ෙදයක් නැති නිසා. අළුත් ෙදයක් කරන්න හිතුෙනත් නෑ. ලැබුෙනත් නැ.ෙම් දවස් වල නම් ටිකක් කම්මැලියි බ්ෙලාග් කියවන්නත්, ලියන්නත්. දැනුත් ෙම් ලියන්ෙන් කරන්න වැඩක් නැති නිසා. අළුතින් ෙමානවා හරි කරන්න තිෙයනවා නම් ෙහාදයි. මෙෙග් විෙනා්දාංශය තමයි ස්වාභාවික දර්ශන තිෙයන ජායාරූප ඒකතු කරන ඒක. ඒ්කත් අන්තර්ජාලෙය් තිෙයන ඒ්වා විතරයි. ලංකාෙව් ස්වාභාවික දර්ශන තිෙයන ජායාරූප නම් ටිකක් අඩුෙවන් තමා තිෙයන්ෙන්. ෙම් කියන්නත් අමතක වුනා ඒ් ක විතරක් ෙනෙවයි මෙෙග් තව ෙපාඩි විෙනා්දාංශයක් තිෙයනවා නිවාඩුවක් ඒෙහම තිෙයන ෙවලාවට කැමරාවත් අරෙගන ෙකාෙහ් හරි යන ඒක. ඉතින් ෙම් ගිහිල්ලා නම් ගන්ෙන් මෙග් ෙෆාෙටා් නම් ෙනාෙවයි. ගස්, ගල්, මල්. වල ෙෆාෙටා් තමා. ඔයාලටත් බලන්න ලගදීම මම ගත්තු ෙම් ජායාරූප 3500 විතර අන්තර්ජාලෙය් ෙකාෙහ්ට හරි දාන්න ඉන්නවා. දාලම කියන්නම් ෙකා් ඔයාලටත් බලන්නත් ඒක්ක. ෙම් සටහන ලියුෙව් සි.යු. අමාරුෙෙවන් භාවිතා කරලා. ලිනක්ස් වල අකුරු වල ඒෙහම ෙපාඩි වැරදි අැති. ගනන් ගන්න ඒපා. ඊලග ඒක කියවන්න පුළුවන් ෙවන්න ලියන්නම් ෙකා්.
About Me
- දමිත් ප්‍රසංග
- මම දිලාන් දමිත් ප්‍රසංග. ජීවත් වෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශෙය් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය නම් සිංහරාජ වනාන්තරයට මායිම් වුනු සුන්දර ගම් පියසේ.