ලංකාවේ එෆ් එම් ගැන.......

Posted

aඅහලා ඇතිනේ ලංකාවේ තියෙනා එෆ් එම් . (ඒ පාර අහනවා මොනවද මේ කියලා ? ) දන්නවානේ අර ඉන්දියාවේ ඉන්න රාහුල් මල්ලියි අංජලී නංගියි මේ ලෝකේ අලුතෙන්ම භාවිතා කරන භාෂාව (කථා කරන එවුන්වත් එවායේ හරි තේරුම දන්නේ නෑ) භාවිතා කරලා මිනී මරා ගන්න ‍වගේ කෑ ගහන නාලිකා. ලංකාවේ දැන් එෆ් එම් නාලිකා 100 විතර තියෙනවා. ගොඩාක් ඒවා නම් මරා ගන්න ඒවා. හරියට ප්‍ර්‍රවෘත්තියක් කියා ගන්නවත් දන්නේ නෑනේ. මේවායේ නිකන් ප්‍ර්‍රවෘත්ති කියන්නේ ගමේ ළිද ලග කථා කරනවා ‍වගේ නේ. ඔයාලත් අහලා ඇතිනේ. මේ පිස්සු නාලිකා අතර හොද නාලිකා කිහිපයකුත් තියෙනවා. එකක් තමා නෙත් එෆ් එම්. (දැන් අහගෙන ඉන්නෙත් ඒක තමා) මේ නාලිකාව කොපි කරන අයත් දැන් ඉන්නවා. මොකද මෙයාලා කරන දේවල් තමා ඒ අය තමන් කරනවා කියලා කරන්නේ. හැබැයි එයාලාම දන්නේ නෑ එයාලා කරන්නේ වෙනත් කෙනෙක් මාකට් කරපු පරණ දෙයක් කියලා. (කොපි කලා කියලා නෙත් එෆ් එම් අහන අය අඩු වෙලා නෑ කියලා තමයි ආරංචිය) දැන් නම් අහන්නේ සුදු සද රැස් ගලන ගංගාවේ ගීතය. තව තියෙනවා ලියන්න... ලියන්නම්.... රැදී සිටින්න ආදරණීය අඩවිය සමග. මීලගට ලංකාවේ ටීවී ගැන.... Coming Up Next .... Sri Lanka TV Channel....

This entry was posted on Friday 18 April 2008 at 4/18/2008 11:29:00 pm . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment