කාලෙකට ඉස්සර දී බලපු ටෙලි නාට්‍යයක්. මට මතක විදියට නම් ඒ දවස් වල මම 6 වැනි වසරේ වගේ හිටියේ. එක කොටසක් වත් මගහරින්නේ නැතිව බැලුවා කියලා නම් මතකයි. මොකකද පාඩම් කරන්නේ එහෙම නැතුවනේ බැලුවේ දැන් නැවතත් දඩුබස්නාමානය බලන්න අවස්ථාවක් ඇවිල්ලා. ඒ දෙරණ රූපවාහිනී නාලිකාවෙන්. අපේ සිංහල චාරිත්‍ර, පාරම්පරික සිංහල සටන් කලාව, එහෙම තියෙන අපේම කියන්න පුළුවන් අපේම සිංහල නාට්‍යයක්. දැන් නම් සිංහල කියලා තියෙන්නේ හින්දි නාට්‍යනේ. අපේ ගැමි කම, සිංහල සටන් කලාව නැවතත් බලන්න පුළුවන්. මොකද දැන් පෙන්වන්නේ ඉන්දියාවේ චාරිත්‍ර, ඇදුම් පැළදුම්, වැනි දේ නේ. කිසිම හරයක් නැති පවුලේ සැමටම එකට ඉදලා බලන්න බැරි දේවල්නේ. ඉතින් මම නම් මේ දවස් වල රාත්‍රි 8.30 ට දෙරණ නාලිකාවෙන් දඩුබස්නාමානය බලනවා. ඔයාලත් පුළුවන් නම් බලන්න. ..... කියන්නත් අමතක වුනා මේ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ජයන්ත චන්ද්‍රසිරි මහතා.
This entry was posted
on Friday, 22 February 2008
at 2/22/2008 11:47:00 am
and is filed under
නාට්‍ය - විචාර
. You can follow any responses to this entry through the
comments feed
.
About Me
- දමිත් ප්‍රසංග
- මම දිලාන් දමිත් ප්‍රසංග. ජීවත් වෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශෙය් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය නම් සිංහරාජ වනාන්තරයට මායිම් වුනු සුන්දර ගම් පියසේ.