උතුරේ සටන් බිමේ ත්‍රස්තවාදීන් සමග අපේ වීරෝධාර සෙබලුන් සටන් වැදී සිටින අවස්ථාවක එම යුධ පුවත් මාධ්‍ය මගින් වාර්තා කිරීමට අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් එම රණබිමේ සිටිති. ඒ ස්වාධීන රූපවාහිනී / ජාතික රූපවාහිනී / ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතන තුනයි. එහිදී මෙම මාධ්‍ය ආයතන තුනම එකා මෙන් යුධ පුවත් වාර්තාකරණයේ යෙදෙයි. අපේ රණවිරුවන් සමග ත්‍රස්තවාදීන් මුහුණට මුහුණලා කරන සටන් මෙම මාධ්‍යවේදීන් කිහිප දෙනා ලෝකයටම වාර්තා කරයි. අප අද මේ සටහන තබනුයේ ඒ ජාතික මෙහෙවරක් ඉටු කරන මාධ්‍යවේදීන් වෙනුවෙනි. එහිදී යුධ පුවත් වාර්තාකරණයේ යෙදී සිටියදී ස්වාධීන රූපවාහිනියේ කැමරාශිල්පී සුරංග බස්නායක මහතා ත්‍රස්තවාදී මෝටර් ප්‍රහාරයකින් තුවාල ලැබීය. තුවාල ලැබූ සුරංග බස්නායක මහතාගේ සුවදුක් බැලීමට ජනධිපති තුමාද අනුරාධපුර රෝහලට ගියේය. මේ සිද්ධියෙන් පසු අප‍ට අපේ රටේ සිටින අතලොස්සක් වූ නියම මාධ්‍යවේදීන් හදුනා ගැනීමට ඉඩ ලැබුණි. සුළු සීරිමක් සිදු වූවත් කොටුව දුම්රිය ස්ථානයට රැස්වන නිදහස් මාධ්‍යවේදීන් මේ ගැන කිසිවක් කීවේ නැත. අඩුම ගනනේ කණගාටුවත් ප්‍රකාෂ ‍කලේ නැත. නිදහස් මාධ්‍යවේදීන් (ත්‍රස්තවාදී මාධ්‍යවේදීන්)යැයි කියා ගන්නා මාධ්‍යවේදීයෝ මේ සිද්ධිය ගැන කිසිවක් කීවේ නැත. ත්‍රස්තවාදය උඩගෙඩි දෙන මෙවන් මාධ්‍යවේදීන් සිටිනා රටක ස්වාධින රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ, ජාතික රූපවාහිනියේ සිටින දේශ ප්‍රේමී මාධ්‍යවේදීන් රටට වාසනාවකි. තම‍න‍ගේ ජීවිතය ගැනවත් නොසිතා කරන මේ මාධ්‍ය මෙහෙවරට අපගේ ගෞරවනීය ආචාරය........

This entry was posted on Monday 28 July 2008 at 7/28/2008 02:35:00 pm and is filed under . You can follow any responses to this entry through the comments feed .

4 comments

Anonymous  

සුරංග බස්නායක ජනමාධ්‍යවේදියා එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලැබුණාට නිදහස් මාධ්‍යවේදීන්ගේ සාක්කුවලට ඩොලර් වැටෙන්නේ නැහැ. ඉතින් මොකටද පිකට් කරන්නේ? අන්න, ස්වාධීන රූපවාහිනියෙන්වත් එක නිදහස් මාධ්‍යවේදියෙකුට රුපියල් 50,000/= ක් විතර දෙනවා යැයි කිව්වොත් ඒගොල්ලෝ ඒක සලකා බලයි!

28 July 2008 at 20:45
Anonymous  

සමාවෙන්න සමාවෙන්න මට කියන්න අමතක වුනානේ ලංකාවේ නිදහස් මාධ්‍යවේදීන් කියන්නේ ඩොලර් කාක්කෝ කියලා.

28 July 2008 at 22:44

මේ කථාවනම් සත්‍යයි මචන්.. කොටින් ට රිදෙනකොට විතරයි ඔය කියන ඩොලර් කාක්‌කෝ පෝස්‌ටර් ඇරන් එලියට බහින්නේ.. අර ත්‍රිකෝණ ලෝගෝ එක තියන රූපවාහිණියේ සත්‍ය සටහන බුද්ධියෙන් විමසනකොට ඇඟේ මාළු නටනවා මචන්.. මොනවා කරන්නද උන්ට ගිය රටනේ.. සල්ලි සල්ලි සල්ලි...

31 July 2008 at 16:18
Anonymous  

අර සුනන්ද ඩොලර්ප්‍රිය කියන "නිදහස් මාධ්‍යවේදියා" ඉන්ටර්වීව් එකක් දීලා තියෙනවා රාවය පත්තරේට (2008 අගෝස්තු 3 දිනය). මූ කියලා තියෙන දේවල් වලින් මට පේන්නේ 1980 ගණන්වල අන්තිම කාලේ මූට වැලේ වැල් නැතිව ඉන්න කොට කුරුණෑගල "දේව සරණ" කියලා සංවිධානයකින් මූව නාවලා හෝදලා අරගෙන ඩොලර් කවලා අරගෙන තියනවා. එදා පටන් මූ දේශද්‍රෝහි වැඩමයි කරන්නේ.

1 August 2008 at 13:24

Post a Comment