ලංකාවේ එෆ් එම් ගැන.......

Posted

aඅහලා ඇතිනේ ලංකාවේ තියෙනා එෆ් එම් . (ඒ පාර අහනවා මොනවද මේ කියලා ? ) දන්නවානේ අර ඉන්දියාවේ ඉන්න රාහුල් මල්ලියි අංජලී නංගියි මේ ලෝකේ අලුතෙන්ම භාවිතා කරන භාෂාව (කථා කරන එවුන්වත් එවායේ හරි තේරුම දන්නේ නෑ) භාවිතා කරලා මිනී මරා ගන්න ‍වගේ කෑ ගහන නාලිකා. ලංකාවේ දැන් එෆ් එම් නාලිකා 100 විතර තියෙනවා. ගොඩාක් ඒවා නම් මරා ගන්න ඒවා. හරියට ප්‍ර්‍රවෘත්තියක් කියා ගන්නවත් දන්නේ නෑනේ. මේවායේ නිකන් ප්‍ර්‍රවෘත්ති කියන්නේ ගමේ ළිද ලග කථා කරනවා ‍වගේ නේ. ඔයාලත් අහලා ඇතිනේ. මේ පිස්සු නාලිකා අතර හොද නාලිකා කිහිපයකුත් තියෙනවා. එකක් තමා නෙත් එෆ් එම්. (දැන් අහගෙන ඉන්නෙත් ඒක තමා) මේ නාලිකාව කොපි කරන අයත් දැන් ඉන්නවා. මොකද මෙයාලා කරන දේවල් තමා ඒ අය තමන් කරනවා කියලා කරන්නේ. හැබැයි එයාලාම දන්නේ නෑ එයාලා කරන්නේ වෙනත් කෙනෙක් මාකට් කරපු පරණ දෙයක් කියලා. (කොපි කලා කියලා නෙත් එෆ් එම් අහන අය අඩු වෙලා නෑ කියලා තමයි ආරංචිය) දැන් නම් අහන්නේ සුදු සද රැස් ගලන ගංගාවේ ගීතය. තව තියෙනවා ලියන්න... ලියන්නම්.... රැදී සිටින්න ආදරණීය අඩවිය සමග. මීලගට ලංකාවේ ටීවී ගැන.... Coming Up Next .... Sri Lanka TV Channel....

අයියෝ අද දවස නම් ගොඩාක් අප්සට් දවසක්. මොකද මගේ අන්තර්ජාල සබදතාවයට ආවා ගියා රෝගය වැළදිලා. මැරතන් දුවන්නත් පමා වුනා. දැන් නම් හරි. ඒත් කොච්චර වෙලාවකටද කියලා නම් දන්නේ නෑ. මාර අප්සට් එක. පටන් ගත්තු වෙලාවේ ඉදලා දුවන්න තමා හිටියේ. කොහේද අපේ රටේ අන්තර්ජාල සබදතා වලට තවම එනවා යනවා රෝගය තියෙනවානේ...... දැන්නම් දුවනවා.... අන්තර්ජාලය ආපහු යනකම් ලියනවා.....

යසරුවන් වෙනුවෙන්......

Posted

සිංහල බ්ලොග් මැරතන්.......

Posted in

සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය සංවිධානය කරන බ්ලොග් මැරතන් තරගය 2008 බක් මස 18 වන දින රාත්‍රි 8.00 සිට පැවැත්වේ. ආදරණීය අඩවිය බ්ලොග් අඩවිය සමග තවත් බ්ලොග් ගනනාවක් තරග වැදීමට නියමිතයි. ඔබත් එන්න බ්ලොග් මැරතන් බලන්න. පුළුවන් නම් ඔබත් ලියන්න බ්ලොග් එකක්. ඔබගේ අදහස්, දැනුම, ආදි තවත් බොහෝ දෑ අනෙක් අයත් සමග එකතු කර ගන්න ඔබටත් පුළුවන්. හැකිනම් ලියන්න. නැත්නම් බලන්න. මතක තියා ගන්න දිනය බක් මස 18 වැනිදා. වෙලාව රාත්‍රි 8.00...........