ගූගල්ට අභියෝග කරමින් නවතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් දැන් නිපදවා ති‍බේ. ඒ කුයිල්. ජනප්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන ගූගල්ට අභියෝග කරමින් ‍එළි දක්වා ඇති මේ වෙබ් පිරික්සුම ගූගල්හි සේවය කළ සේවකයන් පිරිසක් විසින්ම එළි දක්වා ඇති ආරංචිය. ඔවුන් පවසන ආකාරයට මෙම වෙබ් සුචියේ බිලියන 120 ක වෙබ් පිටු අන්තර්ගතයක් තිබේලු. කුයිල් නිර්මාණය කර ඇත්තේත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ නිර්මාණයට හා සමානව වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. ගූගල් වෙබ් අඩවියේ පසුබිස සුදු පැහැයකින් යුක්ත වන අතර කුයිල් හි එය කළු පැහැයකින් යුක්ත වේ. සංකීර්ණ දැන්වීම් හෝ වෙනයම් දෑ නොමැති වීම මෙහි තවත් විශේෂත්වයකි. සැම අතින්ම ගූගල්ට සමාන පෙනුමක් ලබා දීමට මෙහි නිර්මාණකරුවන් උත්සාහ දරා ඇති බව පෙනේ.

උතුරේ සටන් බිමේ ත්‍රස්තවාදීන් සමග අපේ වීරෝධාර සෙබලුන් සටන් වැදී සිටින අවස්ථාවක එම යුධ පුවත් මාධ්‍ය මගින් වාර්තා කිරීමට අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් එම රණබිමේ සිටිති. ඒ ස්වාධීන රූපවාහිනී / ජාතික රූපවාහිනී / ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතන තුනයි. එහිදී මෙම මාධ්‍ය ආයතන තුනම එකා මෙන් යුධ පුවත් වාර්තාකරණයේ යෙදෙයි. අපේ රණවිරුවන් සමග ත්‍රස්තවාදීන් මුහුණට මුහුණලා කරන සටන් මෙම මාධ්‍යවේදීන් කිහිප දෙනා ලෝකයටම වාර්තා කරයි. අප අද මේ සටහන තබනුයේ ඒ ජාතික මෙහෙවරක් ඉටු කරන මාධ්‍යවේදීන් වෙනුවෙනි. එහිදී යුධ පුවත් වාර්තාකරණයේ යෙදී සිටියදී ස්වාධීන රූපවාහිනියේ කැමරාශිල්පී සුරංග බස්නායක මහතා ත්‍රස්තවාදී මෝටර් ප්‍රහාරයකින් තුවාල ලැබීය. තුවාල ලැබූ සුරංග බස්නායක මහතාගේ සුවදුක් බැලීමට ජනධිපති තුමාද අනුරාධපුර රෝහලට ගියේය. මේ සිද්ධියෙන් පසු අප‍ට අපේ රටේ සිටින අතලොස්සක් වූ නියම මාධ්‍යවේදීන් හදුනා ගැනීමට ඉඩ ලැබුණි. සුළු සීරිමක් සිදු වූවත් කොටුව දුම්රිය ස්ථානයට රැස්වන නිදහස් මාධ්‍යවේදීන් මේ ගැන කිසිවක් කීවේ නැත. අඩුම ගනනේ කණගාටුවත් ප්‍රකාෂ ‍කලේ නැත. නිදහස් මාධ්‍යවේදීන් (ත්‍රස්තවාදී මාධ්‍යවේදීන්)යැයි කියා ගන්නා මාධ්‍යවේදීයෝ මේ සිද්ධිය ගැන කිසිවක් කීවේ නැත. ත්‍රස්තවාදය උඩගෙඩි දෙන මෙවන් මාධ්‍යවේදීන් සිටිනා රටක ස්වාධින රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ, ජාතික රූපවාහිනියේ සිටින දේශ ප්‍රේමී මාධ්‍යවේදීන් රටට වාසනාවකි. තම‍න‍ගේ ජීවිතය ගැනවත් නොසිතා කරන මේ මාධ්‍ය මෙහෙවරට අපගේ ගෞරවනීය ආචාරය........

Ubuntu, Kubuntu, Edubuntu

Posted in , ,

මමත් දැන් වින්ඩෝස් වලින් අලුත් දෙයකට යන්න හිතුවා. (හැමදෙනාම කරන නිසා නම් නොවෙයි. ) :) එහෙම හිතලා දැම්මා උබුන්ටු. නියමෙට වැඩ. දැන් මාස 6 ක විතර ඉදලා උබුන්ටු වලින් තමයි වැඩ කරන්නේ. ඔය වෙබ් පැත්තේ වැඩ වලට එහෙම නම් බිල් මහත්තයා මතක් වෙනවා. ඒ වෙලාවට නම් ඉතින් වින්ඩෝස් හොයාගෙන දුවනවා. දැන් නම් උබුන්ටු පරණ වෙළුමෙන් අයින් වෙන්න කාලේ ඇවිල්ලා. අලුත් උබුන්ටු 8.04 වෙළුම අද උදේ ලැබුනා. දැන්මම දාලා බලන්න ඕනේ. ආ කියන්නත් අමතක වුනානේ. උබුන්ටු එක්ක කුබුන්ටු. උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය එහෙමත් ලැබුනා. ඒත් දැනට උබුන්ටු වල විතරක් වැඩ කරන්න තමයි අදහස.

සිංහල සන්නස්ගල

Posted

මේක ලිවුවා කියලා හෙට මට ඉන්න පුළුවන්‍ වේවිද මන්දා. අද දෙරණ රූපවාහිනී නාලිකාවෙන් සජීවී ලෙස ඉදිරිපත් කරන 360 කාලීන සංවාදාත්මක වැඩසටහන දැන් විකාශය වෙනවා. මමත් ඉතින් කැමති රූපවාහිනී වැඩසටහනක් තමයි මේ රූපවාහිනී වැඩසටහන. අද වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා උපුල් ශාන්ත සන්නස්ගල සිංහල ගුරුතුමා. ‍අනේ මංදා මේ මනුස්සයා කියන මෙලෝ දෙයක් මට තේරෙන්නේ නෑනේ. මන්දා මගේ සිංහල ප්‍ර්‍ර්‍රශ්නයක්ද දන්නේ නෑ. අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. මෙයා හිතන් ඉන්නේ මේ ලංකාවේ ඉන්න හැමෝම සිංහල උපාධිධරයෝ කියලා. මෙයා කියන දෙයක් අපට විතරක් නොවෙයි මේ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාවට පවා මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනේ මන්දා මේ යෝධයාට පිස්සු ද කියලා. ආ තව කියන්න දෙයක් අමතක වුනා. දේශද්‍රෝහී චිත්‍ර්‍රපටයක් නිශ්පාදනය කලෙත් මෙයා තමා. (මේ චිත්‍ර්‍රපටය මොහු කියන විදියට පෙන්නුවේ දවස් 10 යි ලු) පිස්සු නැත්නම් ෂෝක් පුතා.

Flickr.com

Posted in

මම කාලෙකට ඉස්සරවෙලා කියපු දෙයක් තමයි මගේ තියෙන විනෝදාංශ ගැන. මගේ විනෝදාංශයක් තමා නිවාඩුවක් තියෙන වෙලාවට කැමරාවත් අරන් කොහේහරි යන එක. ඒ ගිහිල්ලා නිකන් ඉන්නේ නම් නෑ. හැමතැන තියෙන විශේෂ දේවල් ඡායාරූපගත කරනවා. ඉතින් මම ඒ ඡායාරූප ගත කරන දේවල් ඔයාලටත් බලන්න එක්ක ෆිලිකර් එකට දැම්මා. පොඩ්ඩක් බලන්නකෝ හොදද කියලා. මම ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ නම් ‍ජංගම දුරකථනයේ තියෙන කැමරාව. ඩිජිටල් කැමරාවෙන් ගත්තු ඒවාත් ‍තියෙනවා. පහත දක්වලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බලන්නකෝ මගේ ඡායාරූප ටික හොදද කියලා. හොදද නරකද කියලා ප්‍ර්‍රතිචාරයකුත් තියන්න අමතක කරන්න එපා හොදේ. Dilan's Photostream

ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන වතාවටත් ආසියානු කුසලානය ජයග්‍ර්‍රහනය කරයි. අද දින පාකිස්ථානයේ කරච්චි ජාතික ක්‍ර්‍රිකට් ක්‍රීඩාංග‍නයේ දී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම 2008 වසරේ ආසියානු කුසලානය නැවතත් දිනා ගනිමින් නැවතත් ආසියානු ශූරයන් වෙයි. මෙම තරගයේදී මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම ලකුණු 273 ක් ලබා ගත්තේය. මෙහිදී අගනා පිති හරඹයක නිරත වූ ප්‍ර්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 123 ක් ලබා ගනිමින් කණ්ඩායම ස්ථාවරයත්වයක් කරා ගෙන ගියේය. අනතුරුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සියලු පිතිකරුවන් දැවී ගොස් ලකුණු 173 ක් පමණක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී නවක පන්දුයවන්නකු වශයෙන් කණ්ඩායමට එකතු වූ අජන්ත මෙන්ඩිස් ඉන්දීය කණ්ඩායමේ ප්‍ර්‍රබලතම පන්දුවට පහරදෙන්නන් 6 දෙනෙකු ක්‍රීඩාගාරයට යවමින් ලංකා කණ්ඩායමේ ජයග්‍ර්‍රහණයට අඩිතාලම දැමීය. තරගාව‍ලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස අජන්ත මෙන්ඩිස් නම් කල අතර දක්ෂතම පන්දුවට පහර දෙන්නා ලෙස ප්‍ර්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය අභිෂේක ලැබීය.