ආදරණිය අඩවිය දන්න කාලේ ඉදලාම පාවිච්චි කලේ බ්ලොගර් ලා දෙන තීම්ස් නේ. ඉතින් මම හිතුවා අළුත් තීම් එකක් දාන්න. තිමී තුන හතරක්ම අත්හදා බැලුවා. ඒත් ටිකක් හරි හිතට ඇල්ලුවේ මේ දැන් තියෙන තීම් එක තමයි. ඉතින් මටත් වෙලාවකට හිතෙන දේවල් කරන නිසා තීම් මාරු කරන්න ගිහිල්ලා ලොකු අමාරුවක තමයි වැටුනේ. මෙච්චර කල් පාවිච්චි කල පිවිසුම් ගනන් කරනයත්, බ්ලොග් එකට පිවිසෙන අය බලාගන්න තියෙන පිහිටීමේ සිතියමත් නැති වෙලා ගියා. ඉතින් එවත් අලුතින් දාන්න වෙනවා. දැන්ම නම් දාන්නේ නම් නෑ. මොකද මේ තීම් එක මගේ හිතට තවම එච්චර ඇල්ලුවේ නැති නිසා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අලුත් වැඩක් කලානේ. මේ වෙනස්කම ගැන ඔයාලටත් හිතෙන දේවල් පොඩි ප්‍රතිචාරයක් විදියට තියන්නත් අමතක කරන්න එපා.

කෙටි කාලයකදී.......

Posted

ආදරණීය අඩවිය බ්ලොග් සටහන අද දින පළමු උපන් දිනය සමරයි.මෙම බිලොග් සටහන ආරම්භ කරන ලද්දේ 2007/08/04 වන දිනය. එදා මෙදා තුර බ්ලොග් සටහන සදහා දායකත්වය ලබා දෙමින් සහ ප්‍රතිචාර ලබා දෙමින් උදව් කල සැමට මගේ ස්තුතිය.

දන්නවානේ අර ත්‍ර්‍රිකෝණයක් තියෙන රූපාවාහිනී නාලිකාව. එහෙනම් අර ජනතාවගේ නාලිකාව කියනා නාලිකාව. (ජනතාවගේ නෙවෙයි කාලකණ්නින්ගේ නාලිකාව) සිරසක් නැති සිරස අන්න ඒක ගැනයි මම මෙි කියන්න යන්නේ. මේකේ ඉන්න එවුන් හිතාගෙන ඉන්නේ ලංකාවට තියෙන ලොකුම අඩුපාඩුව ගායකයෝ සහ මෙලෝ සිහියක් නැතිව දගලන එවුන් (ඩාන්සින් ස්ටාර්ස් ලා) කියලා. අනෙක් එක තමයි මුන්ගේ නිවුස් ෆස්ට් කියන එක. (මට නම් මේකේ නිවුස් ෆස්ට් තියා ලාස්ට් වත් බලන්නේ නෑ) නිවුස් ෆස්ට් "සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" කියලා තමයි කියන්නේ. එත් මේක බුද්ධියෙන් විමසලා බලන වෙලාවට ප්‍ර්‍රවෘත්ති කියන නිවේදකයා හරි නිවේදිකාව හරි ලග ඉන්නවානම් එල්ලලා මරන්නයි ‍හිතෙන්නේ. මුන්ගේ තවත් කියන දෙයක් තියෙනවා ඒ තමයි " ටීවී අලුත් කරන සිරස ටීවී" කියන එක. හැබැයි මුන් ටීවී අලුත් කරන එක කොහොම වෙතත් ටීවී එපා කරන එක නම් කරනවා. නිවුස් ෆස්ට් කිවුවාට මුන්ගේ හැම නිවුස් එකක් ම ලාස්ට් නේ. කිසිම අලුත් නිවුස් එකක් ඇත්තේම නෑ. කරන තරමක් කරන්නේ එල්.ටී.ටී.ඊ එකටයි හූ ඇන්පී එකටයි කඩේ යන එක තමයි. මට හිතෙන විදියට නම් දැන් කොටි හඩ නැති එකේ ඒ සියළු කටයුතු දීප ව්‍යාප්තව කරන්නේ මුන්ගේ සිරසක් නැති සිරසේ තමයි. මුන්ට තමන්ගේ අම්මා තාත්තක් විකුණන එක පහසුවෙන්ම කරන්න පුළුවන්. (ර‍ට විකුණන්න හදන එකේ අම්මා තාත්තා විකුණන එක එතරම් අමාරු දෙයකුත් නෙවෙයි නේ.)

ගූගල්ට අභියෝග කරමින් නවතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් දැන් නිපදවා ති‍බේ. ඒ කුයිල්. ජනප්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන ගූගල්ට අභියෝග කරමින් ‍එළි දක්වා ඇති මේ වෙබ් පිරික්සුම ගූගල්හි සේවය කළ සේවකයන් පිරිසක් විසින්ම එළි දක්වා ඇති ආරංචිය. ඔවුන් පවසන ආකාරයට මෙම වෙබ් සුචියේ බිලියන 120 ක වෙබ් පිටු අන්තර්ගතයක් තිබේලු. කුයිල් නිර්මාණය කර ඇත්තේත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ නිර්මාණයට හා සමානව වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. ගූගල් වෙබ් අඩවියේ පසුබිස සුදු පැහැයකින් යුක්ත වන අතර කුයිල් හි එය කළු පැහැයකින් යුක්ත වේ. සංකීර්ණ දැන්වීම් හෝ වෙනයම් දෑ නොමැති වීම මෙහි තවත් විශේෂත්වයකි. සැම අතින්ම ගූගල්ට සමාන පෙනුමක් ලබා දීමට මෙහි නිර්මාණකරුවන් උත්සාහ දරා ඇති බව පෙනේ.

උතුරේ සටන් බිමේ ත්‍රස්තවාදීන් සමග අපේ වීරෝධාර සෙබලුන් සටන් වැදී සිටින අවස්ථාවක එම යුධ පුවත් මාධ්‍ය මගින් වාර්තා කිරීමට අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් එම රණබිමේ සිටිති. ඒ ස්වාධීන රූපවාහිනී / ජාතික රූපවාහිනී / ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතන තුනයි. එහිදී මෙම මාධ්‍ය ආයතන තුනම එකා මෙන් යුධ පුවත් වාර්තාකරණයේ යෙදෙයි. අපේ රණවිරුවන් සමග ත්‍රස්තවාදීන් මුහුණට මුහුණලා කරන සටන් මෙම මාධ්‍යවේදීන් කිහිප දෙනා ලෝකයටම වාර්තා කරයි. අප අද මේ සටහන තබනුයේ ඒ ජාතික මෙහෙවරක් ඉටු කරන මාධ්‍යවේදීන් වෙනුවෙනි. එහිදී යුධ පුවත් වාර්තාකරණයේ යෙදී සිටියදී ස්වාධීන රූපවාහිනියේ කැමරාශිල්පී සුරංග බස්නායක මහතා ත්‍රස්තවාදී මෝටර් ප්‍රහාරයකින් තුවාල ලැබීය. තුවාල ලැබූ සුරංග බස්නායක මහතාගේ සුවදුක් බැලීමට ජනධිපති තුමාද අනුරාධපුර රෝහලට ගියේය. මේ සිද්ධියෙන් පසු අප‍ට අපේ රටේ සිටින අතලොස්සක් වූ නියම මාධ්‍යවේදීන් හදුනා ගැනීමට ඉඩ ලැබුණි. සුළු සීරිමක් සිදු වූවත් කොටුව දුම්රිය ස්ථානයට රැස්වන නිදහස් මාධ්‍යවේදීන් මේ ගැන කිසිවක් කීවේ නැත. අඩුම ගනනේ කණගාටුවත් ප්‍රකාෂ ‍කලේ නැත. නිදහස් මාධ්‍යවේදීන් (ත්‍රස්තවාදී මාධ්‍යවේදීන්)යැයි කියා ගන්නා මාධ්‍යවේදීයෝ මේ සිද්ධිය ගැන කිසිවක් කීවේ නැත. ත්‍රස්තවාදය උඩගෙඩි දෙන මෙවන් මාධ්‍යවේදීන් සිටිනා රටක ස්වාධින රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ, ජාතික රූපවාහිනියේ සිටින දේශ ප්‍රේමී මාධ්‍යවේදීන් රටට වාසනාවකි. තම‍න‍ගේ ජීවිතය ගැනවත් නොසිතා කරන මේ මාධ්‍ය මෙහෙවරට අපගේ ගෞරවනීය ආචාරය........