දුක්ගන්නාරාළ........

Posted

වසන්ත දුක්ගන්නාරාළ. මම හිතන විදියට නම් ලංකාවේ වැඩියෙන්ම බැනුම් අහපු ගීත රචකයා. දැන් වෙනස්ම ආකාරයක වැඩක් කරලා තියෙනවා.ඒ පොත් දෙකක් ලියපු එක. එකක් ඔහුගේ ගීත රචනා අනෙත් එක ඔහු ලියපු අමුතුම ආකාරයක කෙටි කථා. මේවා ටිකක් අමුතු ආකාරයක දේවල්. මේ පොත් දෙකම පසුගිය දිනෙක එළිදැක්වූවා. ඒ සුදර්ශියේදී. කෙටි කථා පොතේ තියෙන්නේ නම් අපි හැමදාම කියවපු කථා වලට වඩා වෙනස් දෙයක්.මේ පොත් ලියන වැඩෙත් එක්කම දුකා තවත් ලොකු සේවාවක් කලා. ඒ මේ පොත් සිංහල යුනිකේතයෙන් ලියන්නත්ත දැන් මේ ලියපු කෙටි කථා කිහිපයක් අන්තර්ජාලයෙන් ඔබ‍ට කියවන්න පුළුවන්. මෙතන ක්ලික් කලොත් ඔයාලටත් ඒවා කියවන්න පුළුවන්. මේ කෙටි කථා වලින් මට හිතට අල්ලලා ගියපු කථාව තමයි ආලවක නරක නෑ කියන කථාව. ඒකෙත් අමුතුම අලංකාරයක් තියෙනවා.

This entry was posted on Saturday 22 September 2007 at 9/22/2007 10:50:00 am . You can follow any responses to this entry through the comments feed .

3 comments

Anonymous  

අපූරු යි!!! කොච්චර බැනුම් ඇහුවත් ඉතින් රාළ පෙරමුණ අරගෙන මේ වාගේ වැඩක් කරනවානේ. ඒක බොහොම ප්‍රශංසා කටයුතුයි. අනගාරික ධර්මපාල තුමාත් කියලා තියෙනවානේ මේ රටේ බැනුම් අහන්නේ වැඩක් කරන පුද්ගලයා කියලා. රාළ වගේ නිර්මාණශීලී පුද්ගලයන් අවශ්‍යයි මේ රටට.

රාළගේ අළුත් වැඩේ ගැන මතක් කළ, ඒ වාගේම ලින්ක් එක සැපයූ දමිත්ට බොහොම ස්තුතියි. තව ලියන්න!

22 September 2007 at 16:16

දුකාගේ නිර්මාණ කෞෂල්‍යය අනර්ඝයි!

4 October 2007 at 10:33
Anonymous  

"දැන් වෙනස්ම ආකාරයක වැඩක් කරලා තියෙනවා.ඒ පොත් දෙකක් ලියපු එක"

වෙනස් ආකාරයක වෙන්නෙ කොහොමද? මීට කලින් කවුරුවත් පොත් දෙකක් ලියලා නැද්ද?

කොහොම වුනත් අපේ වසන්ත දුක්ගන්නාරාල සහෘද කලාකරුවගෙ නිර්මාණ ටික නම් හරි අගෙයි.

28 October 2007 at 15:23

Post a Comment