දුක්ගන්නාරාළ........
වසන්ත දුක්ගන්නාරාළ. මම හිතන විදියට නම් ලංකාවේ වැඩියෙන්ම බැනුම් අහපු ගීත රචකයා. දැන් වෙනස්ම ආකාරයක වැඩක් කරලා තියෙනවා.ඒ පොත් දෙකක් ලියපු එක. එකක් ඔහුගේ ගීත රචනා අනෙත් එක ඔහු ලියපු අමුතුම ආකාරයක කෙටි කථා. මේවා ටිකක් අමුතු ආකාරයක දේවල්. මේ පොත් දෙකම පසුගිය දිනෙක එළිදැක්වූවා. ඒ සුදර්ශියේදී. කෙටි කථා පොතේ තියෙන්නේ නම් අපි හැමදාම කියවපු කථා වලට වඩා වෙනස් දෙයක්.මේ පොත් ලියන වැඩෙත් එක්කම දුකා තවත් ලොකු සේවාවක් කලා. ඒ මේ පොත් සිංහල යුනිකේතයෙන් ලියන්නත්ත දැන් මේ ලියපු කෙටි කථා කිහිපයක් අන්තර්ජාලයෙන් ඔබට කියවන්න පුළුවන්. මෙතන ක්ලික් කලොත් ඔයාලටත් ඒවා කියවන්න පුළුවන්. මේ කෙටි කථා වලින් මට හිතට අල්ලලා ගියපු කථාව තමයි ආලවක නරක නෑ කියන කථාව. ඒකෙත් අමුතුම අලංකාරයක් තියෙනවා.