ගූගල්ට අභියෝගයක්.
ගූගල්ට අභියෝග කරමින් නවතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් දැන් නිපදවා තිබේ. ඒ කුයිල්. ජනප්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන ගූගල්ට අභියෝග කරමින් එළි දක්වා ඇති මේ වෙබ් පිරික්සුම ගූගල්හි සේවය කළ සේවකයන් පිරිසක් විසින්ම එළි දක්වා ඇති ආරංචිය. ඔවුන් පවසන ආකාරයට මෙම වෙබ් සුචියේ බිලියන 120 ක වෙබ් පිටු අන්තර්ගතයක් තිබේලු.
කුයිල් නිර්මාණය කර ඇත්තේත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ නිර්මාණයට හා සමානව වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. ගූගල් වෙබ් අඩවියේ පසුබිස සුදු පැහැයකින් යුක්ත වන අතර කුයිල් හි එය කළු පැහැයකින් යුක්ත වේ. සංකීර්ණ දැන්වීම් හෝ වෙනයම් දෑ නොමැති වීම මෙහි තවත් විශේෂත්වයකි. සැම අතින්ම ගූගල්ට සමාන පෙනුමක් ලබා දීමට මෙහි නිර්මාණකරුවන් උත්සාහ දරා ඇති බව පෙනේ.